Thursday, February 21, 2013

නුඹට විතරමයි




මේ නුඹටයි නුඹට විතරමයි
අහනවද මේ කඳුල නුඹගෙයි
නුඹත් නොදකින එකම රැයකයි
සිතමි නුඹ ගැන අනේ ඇත්තයි ''

විලකි මල් නැති සෙනේ පිරුණයි
පවන සේ නුඹ ලඟින් ඇඳුනයි
මලක් වන්නට නොහැකි නුඹටයි
හිතේ ඇල්මක බැලුම් කැල්මයි ''

හීන මිටියක් නොමැති දිවියයි
වේදනා වක් පමණි උරුමයි
බිඳුණු හසරැලි තුඩින් හිනැහෙයි
අනේ කුමරිය නුඹත් නොදනියි ''

රැයත් ඉකි බිඳ ලඟින් වැළපෙයි
සුසුම් හඬ වත් අසනු කව්දැයි
පමණි සිත එක දෙයක් සත්තයි
ඇවිත් බැලුවොත් නුඹට වැටහෙහි ...''

__________නලින් ධම්මික__

මේ වේදනාවක් නම් විඳිමි මා




නින්ද නොයෙන නෙතු නොහඬමි
මතකය බැඳන් පැමිණිය සිතුවිලි වලාවක්
හදවතින් තුරුලුව කඳුළු මල් මිටක් මත
මේ වේදනාවක් නම් විඳිමි මා මියෙන තෙක්ම ''

අනේ රාත්‍රිය බිංද හැටි නුඹට තුරුලුව
සඳ උනා නුඹ මොහොතක් එලිය කර මගේ ලොවම
නපුරුද වසන්තය ලිහිනියේ කියන් මට
සසරක පොරොන්දුව අමතක කලේ නුඹ ''

රැය ගෙවෙන තුරාවට හීන මල් පලසක් උන
සේපාලිකාවන් හැර ගියේ මා කල වරද කීම
මා නැතිව නුඹ පිපුනි කෙලෙසක සුවඳ මැද
රත්තරන් මා වින්දා නොව පිදු සුවඳ මල නුඹ ...''

_____________නලින් ධම්මික________

රැයක හීන ගෙන


විහඟ තුඩු අඟින් පෙම් කල තුඩට තුඩ තියා 
මලක සුවඳ වී දඟ කල පැහැය වගේ ඔයා 
රැයක හීන ගෙන හදවත සිප ගතිමි එදා 
විහඟ රැල මැදත් තනිකම දැනෙයි කෝ ඔයා ''

සයුරු රල නිසල නැති මුත් නගන සැඩ රටා  
නතර කර අහන් හිටියා දුකම මගේ කතා 
ලඟට වී මගෙම පළුවක් සේ හිටිය ඔයා 
කොහිද අද ගියේ අසනවා කිමද ගොළු මෙමා ''

වියන් බැඳ කව්ළු හැර දුන් අහස මැව් රට 
නපුරු නැහැ සොඳුරු උනි පොද වැස්ස මැද එදා
තුරු හිසක් නැතත් සෙවනට තුරුළු කර ගෙනා 
සරණ උන මගේ හදවත කඳුළු වැසි මෙදා  ......''

____________නලින් ධම්මික_______