''මම නුඹ සිනාහව විඳිමි
නුඹ මට සිනහව පුදමි
අප නිසාම අප ජිවත්වෙමි
එහෙත් හෙට දවස නොදනිමි ''
ලය මත බේරෙන සෙනෙහේ
මම නුඹෙන්ම ජිවත් වෙමි
හිත මල් යායක් වී සිනහව මා විඳිමි
ඉතින් මා නුඹෙන්ම සැනසෙමි ''
අද නොදනිමි හෝ හෙට නොදනිමි
නුඹ මා තනිකර දුර ගමන් යති
සඳ වතිය මා අහිතක් නොසිතමි
කඳුල අතරින් නුඹට දිරියක් දෙමි ''
හිත් මැද්ද පිරිමැද්ද ඔය සුවඳ උනි
නුඹගෙන් මා ජීවිතය දුටු කරුණකි
නිර්මලයි පියුම නුඹ මට සරණ උනි
නොළඳ මා අහස් වියන නුඹ සඳ උනි ''
෴ නලින් දම්මික ෴
No comments:
Post a Comment