'' අරලියා මල් සුවඳට හිතම පහන් උන
දැනුනා අපුරුව මොහොතක් නුඹ ළඟ
ලං වෙනකොට තව ටිකක් නුඹ ලඟට
ඇත්තමයි අරලියා සුවඳට රැවටුනේ මම ''
බින්දක් සුසුම් නුඹ ගත වැදිච්ච
අනේ මගේ හිත බර උනා ඒ සිසිලට
යන්තමින් දෙනෙත් පියන් සලන කොට
අසරණයි මැණික ඔය නෙතේ හැඟුම ළඟ ''
මටත් නුහුරුම පෙම් වසන්තය මැද
තනිවෙලා නුඹේ සුවඳ ළඟ අද
නොකියවෙන සිනහාවන් නෙතින්මද
චන්චලයි මැණික හිත සමාව දෙනවද ''
෴ නලින් දම්මික ෴
No comments:
Post a Comment