Sunday, December 9, 2012

෴ වචන මිටියක් රැඟෙන සුවඳ කොළ මත තවරා නොලියු මගේ ආදරය ෴




කරොත් කරන්නේ ඔය වගේ වැඩක්ම තමා '' සිත'' මගේම සිත මේ බැන වදින්නේ වෙන කෙකුට නොව හිතට මේ හැටි දුක් දෙන මා හටමය 'උන එක හිත් වැරද්දට ගෙවෙන මොහොතේ සිට ගෙවපු මොහොතක '' ආදරේ සිත සුව පිණිස ඇද හැලෙන මුතු පිනි මල් වැස්ස යට හිතම සිර කඳඋරක් කරන් නුඹ නමට මා කලේ අදරයක්ම නොව '' කියන්නට මම වත් නොදන්නා හිත සෙනෙහස් නදියකි ''

පුංචිම පුංචි දේටත් නුඹෙන් උ කලි රිදවගත් මේ හිත සැනසුවේද වැනසුවේද නුඹමයි ''

හිත හීන නොබැලුවේ මතු පිට රසය ඉටු නොවන තැන විඳින හිත රිදුම ජිවිත ආකරයේන් නොහිතන තැනකට ඇද වැටෙන හෙයිනි ''හිත සිත සිතා නම් නොකළ මේ පෙම් කම මැද කල කි දෑ නම් හදවතින්ම මා ඇඳපු සිතුවමක සජීවී ජවනිකාවන්ය''   

කවියකට නිතර නිතරම මේ හිත රිදවමින් පද අතර මා අතරමන් කල නුඹ සුවඳ ' කවි පදයක්ම නොවන වග දන්නේ නම් මේ හිතම පමණි '' හිත එක ඇසිලකින් නෙත පියා ගත් වනම මා දැනුදු විඳින නුඹ සුවඳට මා පෙම් බැඳ කල පෙරේත කම ''සොඳුරු සිහිවටන නොමැති හිත'' මලානික එලි මැවෙන අඳුරේදී පවා මා සැනසුවේය ''

හිත මතකයන් පිරි මඳින වංක ගිරි කතර මැද ඇත්තමයි සිත සුළඟකට පා කල හැකිනම් යැයි සිතෙන්නේ' දරන බර සළු හදවතෙහි නගන අඬහැරය ගෙවෙන මොහොතේ මට මා නැති කරන බැවිනි ''අද හිත විතරක්ම'' මා සමග ඇති නුඹ දායාදයන් වන මතක පැළඳ ''යව්වනය මැද නැගෙන හැඟුමන් හුරු පුරුදු සෙනෙහස හිත ළඟ තනි රකින්නේ නැති කොට '' මා හිඳින්නේ කෙලෙස ''සැනසෙන්නට කාරණාවක් නම් නුඹ මා හට ඉතිරි කර නොමැත ''

       වචන මිටියක් රැඟෙන සුවඳ කොළ මත තවරා නොලියු මගේ ආදරය  ''සත්තයි තවම මා නොලියු කවිය උනි ''නුඹ නිසාම ජිවත් උ සිත පමණක්' අද කිසි කෙනෙකුට නොපෙනෙන ලෙස මිය ගිහින් අවසන්ය ''     

ළඟ ඇති ගස් ගල් වැනි හිත් වලින් සැනසුමට කරුණු නොපතන මේ හිත තවමත් ශක්තිමත් බැවින් අමාරුවෙන් හිත අපුල්ලා තැනූ වෙස් මුහුණ පැලඳ නිතර නිතරම හිත රවටයි ''     

මගේ හිත මගේම උ බැවින් එය මට වටිනා තරම් වටින්නේ වෙන කාටද '' ඉතින් දැන් සුළඟටත් බිය වී සැලෙන මේ හිත නුඹ නිසා ''අද හිත සරණ මත ඉදිරි මොහොතකට නයට සුසුමක් ගෙන තැවෙන්නේ ''සිනහවකට පොලිය ගෙවන සිත සතුට සින්නවිම යාවිදෝ බියෙන් ඉමක් නොපෙනෙන අනන්තය දෙස බලා සිත සුව නොදෙන සිතුවිලි නදිය මැද ගිලෙමිනි ''   

ඇත්තමයි රත්තරන් මට හිත දී නුඹ කල වරදට අද මා විඳින දඬුවම නම් '' පන ඇති ගතක් හිමි මිය ගිය හිතෙහි නැගෙන සුසුමක හඬට හුල්ලන්නවත් කෙනෙකු නැති පාරාදීසයක අමිහිරිම වේදනාවෙන් නින්ද ඈතට යන තැන '' මට අහිමිවී ගිය රාත්‍රියයි ........''

__________________නලින් දම්මික___________