Thursday, December 20, 2012
Tuesday, December 18, 2012
Friday, December 14, 2012
Sunday, December 9, 2012
෴ වචන මිටියක් රැඟෙන සුවඳ කොළ මත තවරා නොලියු මගේ ආදරය ෴
කරොත් කරන්නේ ඔය වගේ වැඩක්ම තමා '' සිත'' මගේම සිත මේ බැන වදින්නේ වෙන කෙකුට නොව හිතට මේ හැටි දුක් දෙන මා හටමය 'උන එක හිත් වැරද්දට ගෙවෙන මොහොතේ සිට ගෙවපු මොහොතක '' ආදරේ සිත සුව පිණිස ඇද හැලෙන මුතු පිනි මල් වැස්ස යට හිතම සිර කඳඋරක් කරන් නුඹ නමට මා කලේ අදරයක්ම නොව '' කියන්නට මම වත් නොදන්නා හිත සෙනෙහස් නදියකි ''
පුංචිම පුංචි දේටත් නුඹෙන් උ කලි රිදවගත් මේ හිත සැනසුවේද වැනසුවේද නුඹමයි ''
හිත හීන නොබැලුවේ මතු පිට රසය ඉටු නොවන තැන විඳින හිත රිදුම ජිවිත ආකරයේන් නොහිතන තැනකට ඇද වැටෙන හෙයිනි ''හිත සිත සිතා නම් නොකළ මේ පෙම් කම මැද කල කි දෑ නම් හදවතින්ම මා ඇඳපු සිතුවමක සජීවී ජවනිකාවන්ය''
කවියකට නිතර නිතරම මේ හිත රිදවමින් පද අතර මා අතරමන් කල නුඹ සුවඳ ' කවි පදයක්ම නොවන වග දන්නේ නම් මේ හිතම පමණි '' හිත එක ඇසිලකින් නෙත පියා ගත් වනම මා දැනුදු විඳින නුඹ සුවඳට මා පෙම් බැඳ කල පෙරේත කම ''සොඳුරු සිහිවටන නොමැති හිත'' මලානික එලි මැවෙන අඳුරේදී පවා මා සැනසුවේය ''
හිත මතකයන් පිරි මඳින වංක ගිරි කතර මැද ඇත්තමයි සිත සුළඟකට පා කල හැකිනම් යැයි සිතෙන්නේ' දරන බර සළු හදවතෙහි නගන අඬහැරය ගෙවෙන මොහොතේ මට මා නැති කරන බැවිනි ''අද හිත විතරක්ම'' මා සමග ඇති නුඹ දායාදයන් වන මතක පැළඳ ''යව්වනය මැද නැගෙන හැඟුමන් හුරු පුරුදු සෙනෙහස හිත ළඟ තනි රකින්නේ නැති කොට '' මා හිඳින්නේ කෙලෙස ''සැනසෙන්නට කාරණාවක් නම් නුඹ මා හට ඉතිරි කර නොමැත ''
වචන මිටියක් රැඟෙන සුවඳ කොළ මත තවරා නොලියු මගේ ආදරය ''සත්තයි තවම මා නොලියු කවිය උනි ''නුඹ නිසාම ජිවත් උ සිත පමණක්' අද කිසි කෙනෙකුට නොපෙනෙන ලෙස මිය ගිහින් අවසන්ය ''
ළඟ ඇති ගස් ගල් වැනි හිත් වලින් සැනසුමට කරුණු නොපතන මේ හිත තවමත් ශක්තිමත් බැවින් අමාරුවෙන් හිත අපුල්ලා තැනූ වෙස් මුහුණ පැලඳ නිතර නිතරම හිත රවටයි ''
මගේ හිත මගේම උ බැවින් එය මට වටිනා තරම් වටින්නේ වෙන කාටද '' ඉතින් දැන් සුළඟටත් බිය වී සැලෙන මේ හිත නුඹ නිසා ''අද හිත සරණ මත ඉදිරි මොහොතකට නයට සුසුමක් ගෙන තැවෙන්නේ ''සිනහවකට පොලිය ගෙවන සිත සතුට සින්නවිම යාවිදෝ බියෙන් ඉමක් නොපෙනෙන අනන්තය දෙස බලා සිත සුව නොදෙන සිතුවිලි නදිය මැද ගිලෙමිනි ''
ඇත්තමයි රත්තරන් මට හිත දී නුඹ කල වරදට අද මා විඳින දඬුවම නම් '' පන ඇති ගතක් හිමි මිය ගිය හිතෙහි නැගෙන සුසුමක හඬට හුල්ලන්නවත් කෙනෙකු නැති පාරාදීසයක අමිහිරිම වේදනාවෙන් නින්ද ඈතට යන තැන '' මට අහිමිවී ගිය රාත්රියයි ........''
__________________නලින් දම්මික___________
Saturday, December 8, 2012
Friday, December 7, 2012
Monday, December 3, 2012
Friday, November 16, 2012
Thursday, November 15, 2012
Wednesday, November 7, 2012
Tuesday, November 6, 2012
Tuesday, October 30, 2012
Monday, October 29, 2012
Saturday, October 27, 2012
නුඹ නොදකින මා සිත් මල '' (කෙටි කතාවකි )
'' හ්ම්ම් ඇත්තටම කෙල්ලෙක් ගොඩාක් වෙලාවට කැමති '' නැතිනම හිතන්නේ කොල්ලෙක් ගැන හිතද්ද්දී '' මේ විදිහට නෙවිද '' ටිකක් හැඩි දැඩි '' උස මහත හ්ම්ම් ටිකක් ලොකු අත් දෙකක් එහෙම තියන '' තව කටකාර බය නැති හිතක් තියන '' හ්ම්ම් හරියටම ටිකක් ලොකු බරක් තනිව උස්සන්න පුළුවන් '' සරලව කිව්වොත් කිසිම අපහසුවක් නැතුව තමන්ව උස්සන්න පුළුවන් '' ශක්තිමත් කොල්ලෙක් නේද '' ඔව් ඇත්ත සියල්ලෝම නොව්නත් බහුතරක් ගැහැණු ළමයි මේ වගේ ''
'' ඉතින් මේ විදිහට හිතන ළමයෙක්ට ගොඩාක් ආදරේ කළා පිරිමි ළමයෙක් එත් එයා හරිම පුංචියි කෙසඟයි එත් හිත නම් හරිම ලස්සනයි '' මෙයා නොවිඳිනා දුක් වින්දා අර ගර්ල් නිසා '' එත් ඒ ගැහැණු ළමයා කිසිම දවසක මේ බෝයි දිහා හැරිලාවත් බැලුවේ නැහැ ''
''ඇත්තටම කිව්වොත් එයා දැනගෙන හිටියේ නැහැ මේ බෝයි කොයි තරම් නම් ඇයට ආදරේ කරනවද කියලා '' හ්ම්ම්ම් ඔය විදිහට කාලේ ගෙවෙනවා '' එත් කිසිම දවසක අර බෝයි ඇයට හිරිහැරයක් කරදරයක් උනේ නැහැ '' එක බැල්මකින් වත් '' එත් එයාට අර ගර්ල්ව නොදැක ඉන්න නම් බැරි උනා '' එයාටත් නොපෙනෙන්න ගොඩාක් ඇතින් ඉඳන් හරි එයාව දකින එක තමයි ඒ බෝයිගේ හිතේ ලොකුම සතුට ''
'' කාලය යන්නේ හරියට අපේ ඇස් පියන් සලන ඇසිල්ලෙන් වගේ '' ඇයට ඇය හිත කැමති කෙනෙක් ලැබුනා '' එයාලා ආදරේ කරනවලු '' එත් අර බෝයිට බැරි උනා කිසිම දවසක ඇයව හිතෙන් අයින් කරන්න '' තමන්ට නොලැඹෙන බව දැන දැනත් ඇය ගැනම හිතමින් ජිවත් උනා '' එත් එයාගේ හිතේ තියන ආදරේ කිසිම දවසක බිඳක වත් අඩු උනේ නැහැ '' එයා ඇයටත් හොරෙන් ඇය ගැන විමසිලෙන් හිටි ඔහු කොහොම හරි එයාව දකින එක අත ඇරියේ නැහැ ''
අනේ ඉතින් අවාසනාවක මහත කියන්නේ '' හිතේ පැතුම් උඩු හුළඟට මුසු වෙමින් ඇය සීත බිඳන්
ඇය පැතු ලෝකය ඇය දෙපා මුල නැති වෙන්න ගත්තේ '' මොකද්දෝ මන්දා පෙර ඇත්මෙක කල
පෙර කල පවක් හින්දයි ''
ඉතින් ඇය ගේ ජිවිතයේ උඩු යටිකුරු වෙමින් ඇයගේ ආදරයද ඇය හැර ගියේ ගොඩාක් ආදරෙන් ගත නලවපු පවන රැල්ලක් විලසින් '' මොකද ඇයට හිතාගන්නවත් බැරි මොහොතක වැළඳුන රෝගයක් නිසාවෙන් ''
මොකද්ද ලෙඩේ කියන එක සටහන් නොකලත් '' ඇය මිය ගියේ හිතින් ඇයගේ පෙම්වතා ඇය හැර ගිහින් කියන වග දැනගත් මොහොතේ '' මොකද කියනවා නම් සුළඟ වගේ ඇය හැර ගිය ඔහු අඩුම තරමේ සමුගැනීමක් වත් සටහන් නොකර '' ඔහු ගැන හැම තොර තුරක්ම නැති උනේ ''
දයිවයේ සරදම් ලබන්නට උන ඇයට '' ආදරයේන් බිඳුන හිත ගෙන දුන්නේ ඇය කෙරෙහිම මහා තරහක් දුකක් සහා කියගාන්න බැරි අසරණ කමක් හිත තුල සැරින් සැරේ ඇයවම හඬවමින් ''
ඉතින් මේ කතාවේ ඇයට ඇයටත් වැඩියෙන් ආදරේ කල අර කොල්ලා '' මේ වග දැනගන්නේ හරිම අහම්බෙන් උනත් '' ඔහු ඇයටත් හොරෙන් ඇය ගැන හැම විස්තරයක්ම හොයනවා '' හැම කරුණක්ම තේරුම් ගත ඔහු '' ඒ වෙනකොට හිටියේ ජිවිතේ ලබන්න පුළුවන් හැම සැපක්ම තමන්ට ලඟා කර ගන්න පුළුවන් කඩ ඉමක ''
ඉතින් ඔහු ඔහුට ඇය වෙනුවෙන් කරන්න පුළුවන් '' ලොකුම දේ ඔහු කරා ''ඇය වෙනුවෙන් සියලුම වියදම් දරමින් '' විදෙශ් ගත කර ප්රතිකාර කරන්නට සුදානම් කළා '' එහෙත් ඔහු කිසිම විටෙක ඇයට මේ බව දැන ගන්න කොහෙත්ම ඉඩ තැබුවේ නැහැ '' සැමටම රහසින් ඔහු වෙන්න ඕන හැම දේම තමගේ අතින්ම කර '' ඇයව පිටත් කර යැව්වා ''
එත් ඔහු ඇයට ඔහු ගැන දැන ගැනීමට ඉඩ නොතැබුවේ '' කුමක් නිසා වත් නොවේ මක්නිසාදයත් මෙය දැන ගත් වහා ඇය ඇයටම සමාවක් දෙන්න බැරි තරමට '' තමන්ට වයිර කරන බැවිනි '' එහෙත් ඔහු ඇයගෙන් පෙරලා නැවත ඇයව ලබාගැනීමේ අරමුණෙන් මේ කිසි දෙයක් නොකළහ ''
මන්ද ඇය පිට වන තුරුත් ඇයට මුහුණ නොපෙන් උ ඔහු '' ඔහුගේ හිත කොලයක ලියා ඇය නැවත පැමිණිය පසු '' ඇයට ලැබෙන්නට සැලස්ස් සුවේ '' මේ සටහන ඔහුගේ අතින් ලියා තබමිනි ''
මා පෙම් කලේ නුඹට නොව '' මගේ හිත දුටු ඔය ඇස් දෙක
මා වෙහෙසට පත් කලේ මගේ ආදරෙන් වත් නුඹට හිරි හැරයක් නොකරමිනි ''
සැනසෙන්න කාරණාවක් නොව්නත් නුඹ මට '' ආදරේ නොකළේද මට නොව ''
එහෙත් මා පෙම් කලේ ඔබට පමණි ''එදත් අදත් සැමදාටමත් මා පෙම් කලේ ඔබට පමණි ''
මා හිත දුටු වත් වරෙක නුඹ නැති හද ගින්න '' නුඹ දෑස මා හිත සුව කල බව ඇත්තකි ''
මට නොලැබුනත් ඔය ඇස් දෙක '' මා දුටු සේයාවෙන්ම සැමදා තිබෙන්නට මම පතමි ''
මන්ද ඔය ඇස් දෙකේ දුක ලියවෙනු මා දකිනට අකමැති බැවිනි ''
ඔය කතාකරන ඇස් හිත තුල බේරෙන සතුටින් බැබලි සැමදා සතුටින් ඉන්න ''
මේ නුඹට පෙම් කල හිතකි '' අදත් හෙටත් මතුවටත් සැමදාටමත් ''
මම හීන හතකින් නුඹ දෙස බලන ''නුඹ හිත නැති '' පොඩි කොල්ලා ''
ඉතින් කෙලෙසක මම හිඳින් ''
හිඳී සිඳ හිත බැඳී පෙමින්
ඉතින් ඔබගෙයි මතකයන්
මගෙන් හිත උදුරන් ගිහින්
අදත් නුඹමයි සිත අසන්.....''
සිහින් කෙදිරිලි හඬ හදෙන්
නැගෙන විරසක දුක් සුසුම්
හිමින් ළඟ දැවටෙන නුඹෙන්
කෙලෙස සැනසෙනු මම ඉතින්.....''
පියන් නෙත හිඳ හිත් අඟින්
අසන්නද මම මතකයෙන්
නුඹගේ වෙන්නට අවහිරෙන්
බිඳන් කීම හැර ගීයේ පැතුම්......''
෴ නලින් දම්මික ෴
Thursday, October 25, 2012
කඳුල සිර කල මගේ රළු හිත ''
මන්දාරමට අඳුර ඉඩ හැර
ඇසි පියන් සැලුවේ කඳුල
පන අදින සුසුම් වැල් මත
සිසිල් පිනි දිය තවර මිනි ''
නගන ඇසි පිය තාලයකට
නොදැක බැරි උන කාලයකට
නුඹම උන මට හීනයකට
පැතුම් මල් පිරි මාවතකට ''
ළඟම හිත සුව නිල් දියවර
පවන අවහිර කළා බැමි බැඳ
සුසුම හිරි හැර කලත් හදවත
කඳුල සිර කල මගේ රළු හිත ''
෴ නලින් දම්මික ෴
Tuesday, October 23, 2012
තුන් හිතම පුරුද්දකට ''
'' තුන් හිතම පුරුද්දකට පෙම් හීන දකිනවා
සංසාර මග මුලම අග ලකුණු පෙනෙනවා
පින් සාර ඔය දෑස මතකයේ මැවෙනවා
මතකයන් මැදින් සඳ හදවතින් හඬනවා ''
මැදියමට ගත සීත ඔය පහස සොයනවා
අසරණව ඇඳි වතින් මම සරණ පතනවා
ඉකි බිඳුම් හද නගන වරෙක නෙත තෙමනවා
ඇඳි වතින් නොසිතාම මම කඳුල පිසිනවා ''
සිතුමිනිය මා හීන පොකුරු මැද හින්දවා
නිල්මිනිම දෙනෙත් වල ආදරය හංගාවා
නලියනම හිතින් මගේ පෙම් පාට තවරලා
සඳ එලිය නොයෙන්නම සඳ මගෙන් වෙන්කළා ''
෴ නලින් දම්මික ෴
අප අපට අහිමි ලොවක් ළඟ ''
''මම නුඹ සිනාහව විඳිමි
නුඹ මට සිනහව පුදමි
අප නිසාම අප ජිවත්වෙමි
එහෙත් හෙට දවස නොදනිමි ''
ලය මත බේරෙන සෙනෙහේ
මම නුඹෙන්ම ජිවත් වෙමි
හිත මල් යායක් වී සිනහව මා විඳිමි
ඉතින් මා නුඹෙන්ම සැනසෙමි ''
අද නොදනිමි හෝ හෙට නොදනිමි
නුඹ මා තනිකර දුර ගමන් යති
සඳ වතිය මා අහිතක් නොසිතමි
කඳුල අතරින් නුඹට දිරියක් දෙමි ''
හිත් මැද්ද පිරිමැද්ද ඔය සුවඳ උනි
නුඹගෙන් මා ජීවිතය දුටු කරුණකි
නිර්මලයි පියුම නුඹ මට සරණ උනි
නොළඳ මා අහස් වියන නුඹ සඳ උනි ''
෴ නලින් දම්මික ෴
අරලියා සුවඳ පැරදු නුඹ ගත ''
'' අරලියා මල් සුවඳට හිතම පහන් උන
දැනුනා අපුරුව මොහොතක් නුඹ ළඟ
ලං වෙනකොට තව ටිකක් නුඹ ලඟට
ඇත්තමයි අරලියා සුවඳට රැවටුනේ මම ''
බින්දක් සුසුම් නුඹ ගත වැදිච්ච
අනේ මගේ හිත බර උනා ඒ සිසිලට
යන්තමින් දෙනෙත් පියන් සලන කොට
අසරණයි මැණික ඔය නෙතේ හැඟුම ළඟ ''
මටත් නුහුරුම පෙම් වසන්තය මැද
තනිවෙලා නුඹේ සුවඳ ළඟ අද
නොකියවෙන සිනහාවන් නෙතින්මද
චන්චලයි මැණික හිත සමාව දෙනවද ''
෴ නලින් දම්මික ෴
දැනුනා අපුරුව මොහොතක් නුඹ ළඟ
ලං වෙනකොට තව ටිකක් නුඹ ලඟට
ඇත්තමයි අරලියා සුවඳට රැවටුනේ මම ''
බින්දක් සුසුම් නුඹ ගත වැදිච්ච
අනේ මගේ හිත බර උනා ඒ සිසිලට
යන්තමින් දෙනෙත් පියන් සලන කොට
අසරණයි මැණික ඔය නෙතේ හැඟුම ළඟ ''
මටත් නුහුරුම පෙම් වසන්තය මැද
තනිවෙලා නුඹේ සුවඳ ළඟ අද
නොකියවෙන සිනහාවන් නෙතින්මද
චන්චලයි මැණික හිත සමාව දෙනවද ''
෴ නලින් දම්මික ෴
Subscribe to:
Posts (Atom)