Monday, October 22, 2012

෴ සිතුමිය නගන ඇසි පිය ෴


  • ''මන්ද මද පවන නොදැනෙන
    වෙහෙසක සිතම නලියන
    උමතුව නගන ඇසි පිය
    පුදුමය හද ගැහෙන විට තව .....

    සිතුමිය නුඹම සරනා සිහිනය
    සුළඟට නැගෙන හඬ උනි මතකය
    මිහිරිය පැමිණ වෙලෙනා විට ළඟ
    ආසම ගීය ගයමින් හිත මනමාලය .....

    ලාවට නගන කෙඳිරිය
    රිදුමට නම් නොවේ හදවත
    වෙහෙසයි දෙනෙත නැහැ හඬ
    දන්නේ කව්ද මේ හිත මිස .....

    එන්නේ නුඹගේ සුවඳම
    හදවත සොඳුරු සිහිනෙක
    සිතුවිලි හිඳින නදියක
    ළඟ නැති නුඹෙන් සැනසෙන .....

    .......................නලින් දම්මික........


No comments:

Post a Comment