Thursday, February 21, 2013

නුඹට විතරමයි




මේ නුඹටයි නුඹට විතරමයි
අහනවද මේ කඳුල නුඹගෙයි
නුඹත් නොදකින එකම රැයකයි
සිතමි නුඹ ගැන අනේ ඇත්තයි ''

විලකි මල් නැති සෙනේ පිරුණයි
පවන සේ නුඹ ලඟින් ඇඳුනයි
මලක් වන්නට නොහැකි නුඹටයි
හිතේ ඇල්මක බැලුම් කැල්මයි ''

හීන මිටියක් නොමැති දිවියයි
වේදනා වක් පමණි උරුමයි
බිඳුණු හසරැලි තුඩින් හිනැහෙයි
අනේ කුමරිය නුඹත් නොදනියි ''

රැයත් ඉකි බිඳ ලඟින් වැළපෙයි
සුසුම් හඬ වත් අසනු කව්දැයි
පමණි සිත එක දෙයක් සත්තයි
ඇවිත් බැලුවොත් නුඹට වැටහෙහි ...''

__________නලින් ධම්මික__

4 comments:

  1. නුබේ වේදනාව නොදනුනා නෙමෙයි
    නමුදු මම අද අසරනයි නුබට වඩා ...

    ReplyDelete
  2. කවිකාරයෙකු නුනට කවි සිත සිත නම් කවිබරයි.

    ReplyDelete
  3. නියමයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete