Tuesday, October 23, 2012

තුන් හිතම පුරුද්දකට ''

'' තුන් හිතම පුරුද්දකට පෙම් හීන දකිනවා 
සංසාර මග මුලම අග ලකුණු පෙනෙනවා 
පින් සාර ඔය දෑස මතකයේ මැවෙනවා 
මතකයන් මැදින් සඳ හදවතින් හඬනවා ''

මැදියමට ගත සීත ඔය පහස සොයනවා 
අසරණව ඇඳි වතින් මම සරණ පතනවා 
ඉකි බිඳුම් හද නගන වරෙක නෙත තෙමනවා 
ඇඳි වතින් නොසිතාම මම කඳුල පිසිනවා ''

සිතුමිනිය මා හීන පොකුරු මැද හින්දවා
නිල්මිනිම දෙනෙත් වල ආදරය හංගාවා 
නලියනම හිතින් මගේ පෙම් පාට තවරලා 
සඳ එලිය නොයෙන්නම සඳ මගෙන් වෙන්කළා ''

෴ නලින් දම්මික ෴ 

 


2 comments:

  1. හදවතින් සුභ පැතුම් මල්ලි...බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා....

    ReplyDelete
  2. බ්ලොග් ලෝගෙට සාදරෙන් පිලිගන්නව මචං ..

    දිගටම ලියපන් ..සුභ පැතුම්

    ReplyDelete