Saturday, October 27, 2012

ඉතින් කෙලෙසක මම හිඳින් ''




හිඳී සිඳ හිත බැඳී පෙමින් 
ඉතින් ඔබගෙයි මතකයන් 
මගෙන් හිත උදුරන් ගිහින් 
අදත් නුඹමයි සිත අසන්.....''

සිහින් කෙදිරිලි හඬ හදෙන්
නැගෙන විරසක දුක් සුසුම් 
හිමින් ළඟ දැවටෙන නුඹෙන් 
කෙලෙස සැනසෙනු මම ඉතින්.....''

පියන් නෙත හිඳ හිත් අඟින් 
අසන්නද මම මතකයෙන් 
නුඹගේ වෙන්නට අවහිරෙන් 
බිඳන් කීම හැර ගීයේ පැතුම්......''

෴ නලින් දම්මික ෴ 

1 comment:

  1. මට කොරන්න බැරිම එකනේ කවි ලියන එක.මටත් කියලා දෙන්නකො.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete