Thursday, October 25, 2012

කඳුල සිර කල මගේ රළු හිත ''

මන්දාරමට අඳුර ඉඩ හැර 
ඇසි පියන් සැලුවේ කඳුල 
පන අදින සුසුම් වැල් මත 
සිසිල් පිනි දිය තවර මිනි ''

නගන ඇසි පිය තාලයකට 
නොදැක බැරි උන කාලයකට 
නුඹම උන මට හීනයකට 
පැතුම් මල් පිරි මාවතකට ''

ළඟම හිත සුව නිල් දියවර 
පවන අවහිර කළා බැමි බැඳ 
සුසුම හිරි හැර කලත් හදවත 
කඳුල සිර කල මගේ රළු හිත ''

෴ නලින් දම්මික ෴ 






No comments:

Post a Comment