Monday, October 22, 2012

දුකම විඳමින් ළඟින් ඉන්නම් කිමද මට නුඹ නැතිව බැරි නම් යන්න කිව්වත් නොයා ඉන්නම් නොදැක නුඹ මට ඉන්න බැරි නම්....'' සතුට ගෙනැවිත් දුන්නේ නැතිවත් නුඹගේ සතුටින් සිනහා වෙන්නම් සෙනෙහසින් නුඹ කතා නොකලත් නුඹට පමණක් පෙම් කරන්නම්....'' සැනසුමක් මට දෙන්න බැරි නම් කඳුල අතරින් හිත හදන්නම් රැයෙහි සිහිනය මා රිදෙව්වත් ආදරෙයි මං නුඹම පෙනීයන්....'' හිතම කඳුලින් නුඹ දෙස බලනම් සත්තමයි එය නොපෙන් වන්නම් වරද මගෙමයි නුඹම පමණයි ආදරෙය දුටු හිතම නුඹ මයි....'' ඉකි බිඳුම් මැද නොදැක බැරි නම් නුඹට නොපෙනී දැක හඬන්ම් සමාවෙනු පෙම් කලේ හිතින් මා නුඹට නොදැනුන හුස්ම පොද මා....''

No comments:

Post a Comment